මොනව හරි ලියන්න කිවුව එකත් සලකල බලලා,අද හිතුන දේ ලියනවා..හැබැයි වැඩක් ඇති දෙයක් නෙවෙයි මේ..

අද ගියා පොඩි රවුමක් කොළඹ..උදේම යන්න කියල හිතන් හිටියට මෙන්න වහිනව..අපි නැග්ගොත් පුවක් ගහකත් දෙබලක් ලු..කොහොම හරි වැස්ස ටිකක් පායනකන් ඉදලම එලි බැස්සා..හුහ්..ලංකාවෙ බස් එන්නෙත් යලට-මහට..බස් ගැන නම් කතා කරල වැඩක් නෑ..කලු හීන්දෑරි කොන්දොස්තර අයිය නම් රුපියල් 26 යේ දුරට ගන්නෙ 25 යි..ඒකටත් එක්ක කොට මහත රතු එකා, ඉතුරු දෙන්නෙත් නෑ..බස් එකට නග්ග ගන්නෙ නම් පොල් කෑල්ලම දාලා..බහිනකොට තල්ලු නොකරන ටික විතරයි..
බොරැල්ලට ගියෙ ඇදුමක් දෙකක් ගන්න කියල හිතන්..ලිමිට් එකක් නෑලුනෙ ඒ පැත්තෙ..
හෆ්ෆා..මෙයාලගෙ ගනන්..! මම කිව්වෙ ඇදුම් වල..හැබැයි වැඩේ කියන්නෙ ඇදුමෙ තියෙන රෙදි ප්‍රමාණෙ අඩු වෙන්න වෙන්න,ගාන වැඩී..ඇදුම් ගන්න එකත් ලේසි නෑ..එක්කො අත් නෑ..එක්කො බෙල්ල කපල වැඩී..එක්කො කොටයි..කොට එකත් දෙපැත්තෙන්ම පලලා..බලමුකො ඒකෙත් හැටි..යන්තන් 350 කෑලි දෙකකින් ශේප්මන්ට් එකක් දාගත්තා..විලි වහගන්න එපැ'යි මොනව කරන්නත්..
ඊළගට ගියා MC එක පැත්තෙ,පොඩි Window shopping පාරක් දාන්න හිතාගෙන..හනේ හෆොඊඊඊ...දැන් කාලෙ කොල්ලන්ට ගිය කළ කිව්වලු..!! කොන්ඩෙ නිකන් ඉදල් කූරු වගේ..තැන තැන මලකඩත් කාලා..ඒ මදිවට උඩටත් ඉස්සිලා නිකන් කරන්ට් වැදිල වගේ..ඒ උනාට ලගින් යද්දි සුවදයි..ජෙල් වල සුවද..(මට එක පාරටම මතක් උනේ "එයා" ගාපු ජෙල් එකේ සුවද....)
වැඩි හරියක් අදින්නෙ දණිස්ස ගාවට තියෙන කොට කලිසම..ආමි එකේ යුනිෆෝම් එක වගේ ඒකේ ඩිසයින් එක..මුනෙනුත් භාගයක් වැහෙන්න සන්ග්ලාස් දෙක දාගත්තම එල කොල්ලෙක් කියලලු කියන්නෙ..
කෙල්ලොත් ඊට දෙවෙනි නෑ..ස්ට්‍රේට් කියයි,,රී-බෝන් කියයි,,ස්පයිරල් වගේ අනිත් විදිය..නේක නේක පාට..ස්කිනි ජීන්ස්...අනේ අපි දිහා කොල්ලෙක් ඇහැක් ඇරල බලයිද කියලත් දුක හිතෙනවා..
ඕවරෝල් ගත්තම, අද නිකන් රස්තියාදුව විතරයි උනේ..මහන්සිය නම් උපරිමයි..