Sunday, June 20, 2010

Facebook....


මේ දවස් වල හොදි නැතුව රෝස් පාන් කන්නෙ..කොළබ කුණු කන්ද වගේ වැඩ ගොඩ..ලියන්න තියා හිතන්නවත් වෙලාවක් නෑ..මේක මේ මම නිර්මාණය කරපු එකක් නෙවෙයි..මටත් හම්බෙච්ච එකක්..කලින් කියවල තියෙනවනම් සොරි තමයි..

ගිය කල සැම විටදි google yahoo වෙත
සෙව්වෙමි type කර ඔබෙ නම සැම විටක
නොලැබී කිසිදු ප්‍රතිඵලයක් ඔබෙ නමට
දින සති ගෙවෙන විට කදුලක් නැගුනි නෙත

Facebook වලදි දිනකදි ඔබ හමු වූවා
මා යැවූ invitation එක accept කෙරුවා
කුමරියෙ ඔබේ images සැම මම බැලුවා
දුටුවෙමි එහිදි ඇකයේ සිටි කිරි කැටියා

නොලැබූ නමුදු පෙර දවසක පැතූ සිත
සතුටක් ලබමි දැක facebook එකෙ ඔබේ රුව
සිරවෙමි නිතර සිතුවිල්ලක දුක් බරිත
එකලත් තිබුනි නම් facebook ඔබ මගේ ලග